සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ගත්  දෙව්මි  නික්ම ගිහින්….

සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ගත් දෙව්මි නික්ම ගිහින්….

2020 වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලද දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙව්මි රන්සරා ශිෂ්‍යාව හදිසියේම මිය ගොස් ඇත ඇති බව වා ර් තා වේ.

රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගත්තාය.
දෙව්මි දියණිය උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවූ දියණියක්. වුවත් ඇය කිසිදූ ලෙසකින් පසු බැස ගියේ නැත.

උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු මේ දිරීය දියණිය ඇය ශිෂ්‍යත්වය විභාගයද ඉහළින්ම සමත් වුවාය.

දෛවය ඇයට වඩා යහපත් තැනක් සුදානම් කළා විය හැකිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇය ජීවිතයෙන් සමුගත්තාය.

Related Articles