‘හරක්  කටා’ පාවා  දුන් ඇස්  දෙක….

‘හරක් කටා’ පාවා දුන් ඇස් දෙක….

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක ඩුබායි හි අත්අඩංගුවට පත්වුනේ ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ඇස් දෙක තියුණුව පරීක්ෂා කළ හෙයිනි.

නඳුන් චින්තක සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූපයේ ඇස්දෙකේ පුංචි වෙනසක් තිබු බව ඩුබායි ආගමන විගමන නිලධාරීන් දුටු වහාම ඔවුන් ක්‍රියාත්මක වී පසුබිම් තොරතුරු හොයන්නට වුහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරක් කටා මෑතකදී සකස් කළ සන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයක ඡායාරූප සහිත විස්තර ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත යවනු ලැබුවේ ඔහු ඩුබායි රටෙන් පිටත්වීමට සැලසුම් කරමින් සිටි බවට හෝඩුවාවක් ලැබීමෙන් අනතුරුවයි.

නඳුන් චින්කතක ඩුබායි ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් තමන් ගැන දැනුවත්ව සිටින බව දැනගෙන සිටියේ නැත.

ඔහු තම බිරිය සමග ඩුබායි ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ එතැනින් මැලේසියාවට ගොස් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව බලා යාමට බව ප්‍රශ්න කිරීමේදී අනාවරණ්‍යය වී ඇත.

ඔහුගේ ගමන් බලපත්‍රයේ සටහන් රූපය හොඳින් නිරීක්ෂණය කළ ඩුබායි ආගමන විගමන නිලධාරින්ගේ එහි ඇති නඳුන් චින්තකගේ ඡායාරූපයේ ඇති ඇස්වල තිබූ වෙනස වටහා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතා වැඩිදුර තොරතුරු ලබාගත්හ.

ඔහුගේ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව අනාවරණය වීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගැනින.

ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව ඒ බව ලිඛිතව මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත දැනුම් දීමෙන් පසුව ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවල ක්‍රියාවට නැගීමට නියමිතය. ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති නදුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ගෙන ඇති බව පොලිස් තොරතුරු මඟින් අනාවරණය වන බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය….

ගුවන් තොටුපොළේදී හරක් කටා අත්අඩංගුවට පත් වන විට පෙනී සිට ඇත්තේ හේරත් දිසානායකගේ රොෂාන් ඉසන්ක නමැති අයකු ලෙසිනි. ඔහු මිදිගම පදිංචිව සිටි මේ වන විට මිය ගොස් සිටින තැනැත්තෙකි. ඔහුගේ හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය යොදා ගෙන සකස් කරගෙන ඇති විදෙස් ගමන් බලපත්‍රයක් හරක් කටා භාවිත කරන බව ඒ අනුව පෙනී ගොස් තිබේ.

මේ වන විට එරට අධිකරණයට හරක් කටා වෙනුවෙන් එරට නීතිඥ සමාගමක් කරුණු දක්වමින් ඔහුව මුදා ගැනීමට අවශ්‍ය මූලික පියවරද ගෙන ඇත.

මාකඳුරේ මධුෂ්ව අත්අඩංගුවට ගෙන ඔහු ශ්‍රි ලංකාවේදී පොලිස් භාරයේ සිටියදී මරණයට ලක්වූ ආකාරය දෙස බලන විට විදේශයක අධිකරණයක් හරහා පිටුවහල් කිරීමේ නියෝගයක් ගැනීමේදී දුෂ්කරතා මතුවිය හැකි බව මානව හිමිකම් පිලිබඳ නීතිවේදීහු පෙන්වා දෙති.

Related Articles