Lanka News Line
ඉන්ධන මිල පහතට….

ඉන්ධන මිල පහතට….

ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පෙරවරුවේ පියවර ගත්තේය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල සංශෝධනය අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

එම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415 ක් දක්වා පහත වැටුණි.

Related Articles