හොඳටම  කළ ගෝඨාගේ  ආ ර් තික  තීරණ  ගැන විගණකාධිපති විමර් ශනයක්….

හොඳටම කළ ගෝඨාගේ ආ ර් තික තීරණ ගැන විගණකාධිපති විමර් ශනයක්….

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් අනුව ගෝඨාභය රාජපක්ෂ රජයේ ආ ර් තික කළමනාකරණ තීරණ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කල බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි.

ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

විගණනයට අවශ්‍ය කෙරෙන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහ භාණ්ඩාගාරයෙන්ද ලබා ගැනීම සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකුගේ
මෙහයවීම යටතේ විමර්ශන කටයුතු කෙරෙනු ඇත.

එම විමර්ශන කටයුතු සඳහා යුතු විගණන නිලධාරීහු කණ්ඩායමක්ද පත් කරනු ලැබ සිටිති.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වා ගෙන යෑම සේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය සහ මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම පිළිබඳව හොයා බැලෙනු ඇත.

ජනාධිපතිවරයා පමණක් නොව මහ බැංකු අධිපති සහ නිලධාරීන් මෙන්ම මහ භාණ්ඩාගාර නිලධාරීන් ද බොහෝ වැරදි තීරණ වලට වගකිවයුතු
බව මුල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙති.

වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

Related Articles