රාජපක්ෂවරුන්  ප්‍රියමාලි  සමඟ  කතා බහ  කළත් හොරකම්  වලට  සම්බන්ධ නැහැ -කමල් හසන්…

රාජපක්ෂවරුන් ප්‍රියමාලි සමඟ කතා බහ කළත් හොරකම් වලට සම්බන්ධ නැහැ -කමල් හසන්…

මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසකට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව කාලයක් ජීවත් වුණේ අරලියගහ මන්දිරය ඇතුළේ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය කිරීම වෙනුවෙන් කෝටි දහයක පමන මුදලක් ආනයනය කළ හැකි නම් දින කිහිපයක් තුළ හොඳ ලාභයක් ලැබිය හැකි බව දැනට අත් අඩංගුවේ පසුවන තිළිණි ප්‍රියමාලී නැමැති කාන්තාව තමාට පැවසූවේයයි ව්‍යාපාරික කමල් හසන් පවසයි.

මහා පරිමාණ මූල්‍ය වංචාවකට සැක පිට රිමාණ්ඩ් බන්ධනාගාර ගතව සිටිනා තිළිණී ප්‍රියමාලීට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම පැමිණිල්ල කළ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයෙකු වන කමල් හසන් විද්‍යුත් මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් මේ බව පැවසීය.

මෙම කාන්තව බොරතෙල් ආනයන කිරීම වෙනුවෙන් ඉල්ලා සිටි මුදල වෙනුවෙන් පවුම් 136.75 ක රත්‍රන් තොගයක්ද, ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක්ද ඇයට ලබදුන් බවත්. ඇය තමාට ලබදුන් චෙක්පතේ ගෙවීම් ඇය විසින්ම නතරා කර ඇති බවත් ඔහු එහිදී පැවස්සීය. තමා ඉදිටියේදීම ඇය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ හට දුර කථන ඇමතුමක් ලබා දුන් නමුත් රාජපක්ෂවරුන් ඇය සමග සම්බන්ධයයි තමා නොසිතන බවත් ඔහු පවසයි.

මේ කාන්තාව සහ රාජපක්ෂ පවූලේ සම්බන්ධයක් නැති බව මීට පෙර නිවේදනයක් නිකුත් කොට තිබින.

Related Articles