දරුවන්  පලිහක්  කරන්න  ඉඩ දෙන්න බැහැ -රනිල්…

දරුවන් පලිහක් කරන්න ඉඩ දෙන්න බැහැ -රනිල්…

දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

දරුවන් පිරිසක් උද්ඝෝෂණවලට රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත. විවිධ අයිතිවාසිකම් වෙනුවෙන් ඍජුව ළමුන් විරෝධතාවල නිරත වූ අවස්ථා ලෝකයේ දැකිය හැකි බව සමාජ ක්‍රියාකාරීහු පෙන් වා දෙති.

පසුගිය 9 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැති විරෝධතාවය අතරතුරදී සිදුවූ ගැටුමට අදාළව ලැබුණු පැමිණිලි දෙකක් පදනම් කරගෙන ඒ විමර්ශනය ආරම්භ කළ බව අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසීය.

Related Articles