ණය  පැහැර  හරින්න  සබ්‍රිට  උපදෙස්  දී ඇත්තේ  ද්විත්ව  පුරවැසියන්….

ණය පැහැර හරින්න සබ්‍රිට උපදෙස් දී ඇත්තේ ද්විත්ව පුරවැසියන්….

ශ‍්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගත්තේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරුන් ලෙස කටයුතු කල ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන්, ශාමිනි කුරේ හා නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුලත් මහ බැංකු මුල්‍ය මණ්ඩලය විසින් බව විදේශ ඇමැති අලි සබ්රි මහතා පවසයි.

මෙම ණය පැහැර හැරීමේ තීරණයට හවුල් වූ හතර දෙනාම හෝ හිටපු විදේශ පුරවැසියන් බවය. ගෝඨාභය රාජපක්ෂ ( හිටපු ඇමරිකානු පුරවැසියෙක්): ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි (බ්‍රිතාන්‍ය පුරවැසියෙක්): ශාන්ත දේවරාජන් (ඇමරිකන් පුරවැසියෙක්) නන්දලාල් වීරසිංහ (ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්).කෙසේ වෙතත් ණය පැහැර හැරීම වෙනුවෙන් තමා සම්පූර්ණ වගකීම භාර ගන්නා බව ද අලි සබ්රි මහතා පවසයි.

Related Articles