මාංචු  නැතුව  තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ….

මාංචු නැතුව තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ….

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි අද දහවල් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වන මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ආවේය. අධිකරණයෙන් ලද නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත විමර්ශන කටයුතු සඳහා ඇයව මෙසේ බන්ධාගාරයෙන් පිටතට ගෙන ගොස් ඇත.

බන්ධනාගාරයෙන් පිටතට රැුගෙන යාමේදී ඇයට මාංචු යොදා නොතිබූ අතර ඊට හේතුව අත්අඩංගුවේ පසුවන කාන්තාවන්ට සහ දරුවන්ට මාංචු දැමීම සිදු කිරීම නීතියෙන් තහනම් වීම බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ තවත් ස්ථාන 4කට ඇය විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමට කටයුතු කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කුටියෙන් මේ වන විට ජංගම දුරකථන දෙකක් හමුවී තිබේ. මහා බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයක් ඇති බැවින් මුදල් ලබාදුන් අයගේ තොරතුරු නිරවද්‍ය ලෙසින් හෙළි දරව් කිරීම ඔවුන් ගේ වහකීමක් බව හිටපු ඇමති නවීන් දිසානායක පවසයි.

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් තිලිණි ප‍්‍රියමාලි සතුව තබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මාල දිවයිනේ ජනාධිපතිවරයාද තිලිනි ප‍්‍රියමාලි ගේ ව්‍යාපාරවල ආයෝජනය කර ඇතැයි හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන
කීර් ති රත්නායක මහතා සඳහන් කරයි.

මූල්‍ය වංචා සිදුකිරීම පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවක සන්තකයේ බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් මුදල් ආයෝජන සිදුකර ඇති බවට සමාජ මධ්‍යය ඔස්සේ එල්ලවන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව බොදු බලා සේනා සංවිධානය පවසයි .තමන් .තිලිණි ප්‍රියමාලි ගේ කා ර් යාලයට ගියේ පිරිත් කීමට පම ණක් බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

වසර ගණනාවක් ඇය සමඟ සමීපව ඇසුරු කළ ඇගේ තරුණ පෙම්වතෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

ප්‍රශ්න කිරීමේදී ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ, ඇය දැන හඳුනාගත් මුල් කාලයේ තමා ද ඇයට ලක්ෂ ගණනක් දුන් බවයි ත් පසුව ඇය තමාට ඒ මුදල වැඩියෙන් පියවා නැවතත් එම සියලු මුදල ඇය ලබාගත් බවත් ය.

රත්රන් යැයි පවසමින් පොලු දහයක් ලබාදුන් බව ත්, හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ඉන් එක් රත්රන් පොල්ලක් විකිණීමට තැත් කිරීමේදී එම පොලු පිත්තල බවට අනාවරණය වූ බවත් ඔහු නිලධාරීන් හමුවේ පවසා තිබිණි. සැකකාරිය ගුරුකම් අතේ වැඩවලට ලක්ෂ ගණනකින් වියදම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය කියයි.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය කපුවෙකුට ඒ සඳහා රුපියල් මිලියන 70ක් වියදම් කර ඇති බව ත් ඇය පදිංචි වත්තල නිවසේ ස්ථාපනය කර ඇති බුදු පිළිමයකට සතියට සැරයක් රුපියල් ලක්ෂ 3ක පමණ නෙළුම් මල් පූජාවක් පවත්වන බවට තොරතුරු රහස් පොලිසියට ලැබී තිබේ.

Related Articles