බැඳුම්කර  නඩුවකින් නිදහස ලැබුන හැටි…

බැඳුම්කර නඩුවකින් නිදහස ලැබුන හැටි…

පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බැවින් හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා
නිදහස ලැබුවේ ජනාධිපති නීතීඥ, ගාමිණි මාරපන මහතා අධිකරණයට මූලික විරෝධතාවයක් හේතුවෙනි.

නඩුවේ විත්තිකරුවකු ලෙස පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගම ද නම් කර ඇති බවත්, භෞතික පුද්ගලයෙකු නොවන සමාගමකට පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බව ගාමිණි මාරපන මහතා ඉදිරිපත් කළ ත ර් ක ය අධිකරණය පිළිගත්තේය.

විනිසුරු මඩුල්ල තුනෙන් දෙකක බහුතර තීන්දුවකින් ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් සමාගම, අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන්, හුලුගල්ලේ මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්ධිය පුංචිහේවා නිදහස ලැබුහ.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක පාඩුවක් රජයට සිදුකිරීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ එම නඩුව පවරා තිබිණි. දැනට තිබෙන තත්වය අනුව මේ පාඩුව සිදුවුවේද යයි දැනගැනීමට නැති අතර පාඩුව සිදුවුවානම් එය සිදු කළේ කවුරුන්ද කියා දැනගැනීමට නැත.

Related Articles