එක්ස්ටෝ  බොරතෙල් නැව  ප්‍රමාද ගාස්තු  එකතු  කර ගනිමින් නැංගුරමේ….

එක්ස්ටෝ බොරතෙල් නැව ප්‍රමාද ගාස්තු එකතු කර ගනිමින් නැංගුරමේ….

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පසුගිය මස 10 වැනි දා මෙරටට සේන්දු වූ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට රැගෙන එනු ලැබුවේය.

ඒ අනුව මේ වනවිට එම නෞකාව මෙරටට ළඟා වී දින 32 කි.

අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියාවෙන් ආනයනය කළ එක්ස්ටෝ නැමති මෙම බොරතෙල් මගින් ඩීසල් හා පෙට්‍රල් වැඩි වශයෙන් නිෂ්පාදනය කළ හැකි බවයි.

ඉන්ධන ගෙන්වීමේදී නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන්නේ රැගෙන එන ඉන්ධන ගොඩබෑමට ප්‍රමාද වීම හෝ ඉන්ධන ගොඩ නොබා වරායෙන් පිට මුහු‍ඳේ රඳවා තබන අවස්ථාවලදීය.

ඉන්ධන බෑමට ගතවන පළමු දින තුනට ප්‍රමාද ගාස්තු අය නොකෙරේ. එමෙන්ම බොර තෙල් නැවකට සිදුවන ප්‍රමාදයට දිනකට ඩොලර් 25000ක් ගෙවිය යුතු වේ. පිරිපහදු නැවක් නම් ඩොලර් 18000කි.

Related Articles