ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට….

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට….

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය කළ නවතම අධ්‍යයනයකදී හෙළිදරව් වී තිබෙන්නේ ශ්‍රිලංකාවේ අඩකට අසන්න පිරිසක් දුප්පතුන් වී තිබෙන බවයි.

මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මෙරට මන්දපෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට දෙකකින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගෙන ඇත

මේ අතර ලෝක බැංකුව පුරෝකථනය කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දී 9.2%කින් සහ 2023 වසරේදී තවත් 4.2%කින් පහත වැටෙන බවයි.

ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 අතර කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඇස්තමේන්තුව 25.6% දක්වා දෙගුණ වී ඇති අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.7ක් වන බව ද ලෝක බැංකුව අවධාරණය කර සිටියි.

Related Articles