චෝදනා  නැති හෂාන් නිදහස්…..

චෝදනා නැති හෂාන් නිදහස්…..

මීට දින 50කට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත චෝදනා නොමැතිව නිදහස් කොට ඇත.

හෂාන් සමඟ අත්අඩංගුවට පත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් තවමත් අත් අඩංගුවේ පසුවෙති.

හෂාන් ජීවන්ත ට විරුද්ධව සාක්ෂි නොමැති බව එහිදී අනාවරණය වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නිකුත් කර තිබුණු රැඳවුම් නියෝගය ආපසු කැඳවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබුනි.

ඉන් අනතුරුව හෂාන් ජීවන්තව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර, තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා නිදහස් කෙරෙනු ඇත.

Related Articles