ජනාධිපතිවරණයට ප්‍රබල පොදු අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට ප්‍රබල පොදු අපේක්ෂකයෙක්

ලබන වසරේ (2024) මුල සහ මැද දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපති මැතිවරණයේදී පබල පොදු අපේක්ෂකයෙක් ස්වාධීනව ඉදිරිපත්වීමට ඉඩ ඇත. පවතින දේශපාලනය දැඩි ලෙස ප්‍රශ්න කරමින් නව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමකට පාර කැපීම මේ අපේක්ෂකයා ගේ අරමුණයි. මේ අතරවාරේ විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් සමන්විත බල කඳවුරු කීපයක් ගොනු වෙමින් පවතී.

ඒ අනුව වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම සහ විපක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායම, ඩග්ලස් දේවානන්දා, මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන්, ලංකා කම්කරු කොන්ග්‍රසය, එජාප හා එයට සහාය දක්වන කණ්ඩායම මේ වන විටත් පොදු සන්ධානයක් වශයෙන් ක්‍රියා කරමින් සිටියි.

සමගි ජන බලවේගය පොහොට්ටුවෙන් ඉවත් වූ ඩලස් අලහප්පෙරුම, ජී.එල්.පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායම සමග සන්ධානගත වීම සඳහා මේ වන විට මූලික එකඟතාවක් ඇති කර ගෙන ඇත.

චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් ඇතුළු පිරිසක් මේ වන විටත් සජබ සමග එක්වී සිටී. දැනට ආණ්ඩුවේ ප්‍රබලම තනතුරක් හා අමාත්‍ය ධුරයක් දරන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ද සජබ සමග එකඟතාවයෙන් කටයුතු කරමින් සිටියි.

එහිදී අදාළ කැබිනට් ඇමැතිවරයා සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 25 දෙනකු පමණ සජබයට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි සජබයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව සමග අය වැය සඳහා පක්ෂව ඡන්දය දීමට නොපැමිණි අතර, ඔවුන්ගේ අදහස වී ඇත්තේ පොහොට්ටුව පක්ෂය ශක්තිමත් කර, මැතිවරණයට මුහුණදීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් යුතු බව ය.කෙසේ වෙතත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තෙර්න්යක් ගත නොහැකි තත්වයක් උදාවී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය) තනි බලවේගයක් ලෙස පෙරට එමින් සිටින නමුදු තමන්ට වාසි දායක කණ්ඩායම් සමඟ කථා කිරීම අත්හැර නැත . පෙරටුගාමීන් සමඟ කථා කිරීම වැදගත් බව මීට පෙර ඇතිව තිබුන මතය මේ වන විට යටපත් වේ ඇත .

ශ්‍රීලනිප ප්‍රති සංවිධානය කොට ස්ජබට එක්වීමේ උත්සාහයක් පවතී. ද්‍රවිඩ ජාතික සන්ධානය මේ වන විට බෙදීම් ගනනාවකට ලක්වී ඇති අතර ජනාධිපතිවරණය සඳහා දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට ඉඩ ඇත.

2024 ජූලි මස අවසන් සතියේ දී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය වේ. එයට පෙර මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් වන්නේ නම්, එය 2024 ජනවාරි හෝ පෙබරවාරි මුල් සතිය තුළ සිදුවනු ඇත.

Related Articles