ජ  වි පෙ  දෛවෝපගත මහා නාහිමි හමුව

ජ වි පෙ දෛවෝපගත මහා නාහිමි හමුව

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ ලාල් කාන්ත මල්වතු අස්ගිරි මහනායක හිමිවරු හමුවීම දෛවෝපගත සිදුවීමකි. 1989 දී දළදා මාළිගාවට එල්ලවූ ප්‍රහාරයේ වගකීම බැර වුනේ ජනතා විමුක්ති පෙරමුණටයි . පසුව තමන් මීට සම්බන්ධ නැති බව එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ පැවසුවේය .

චමුදිත සමරවික්‍රමට සම්ම්මුක සාකච්චාවක් දුන් අධිකාරී නොහොත් කෝසල නම් පුද්ගලයෙක් පසුවේ ප්‍රහාරය සෝමවංශ අමරසිංහ ගේ අනුදැනුම ඇතුව සිදුවූවක් බවයි. මේ ගැන වැඩි දුර විමර්ශනයක් සිදු නොවුණු අතර සිද්ධිය කාලයේ වැලිතලාවට යටපත් විය.

ජනතා විමුක්ති පෙරමුණ මාක්ස් -ලෙනින්වාදී සාම්ප්‍රදායක් ඔස්සේ හැඩ ගැහුන හෙයින් එවැනි පක්ෂයක් ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන සමඟ දුරස් වීම පුදුමයට කරුණක් නොවේ.

එසේ දුරස්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් තම වැඩපිලිවෙල සමඟ මල්වතු අස්ගිරි මහනායක හිමිවරු හමුවීම තුලින් පෙනී යන්නේ පක්ෂය කොතෙක් දුරට අනුවර්තනය වී ඇතිද යන්නයි .

ඊටත් වඩා වැදගත් වන්නේ මල්වතු මහනාහිමි අනුර කුමාර දිසානායක සහ ලාල් කාන්තට පැවසූ කරුණකි.

‘ ඔබ තුමන්ලා විතරයි ඉන්නේ පාලනයක් ගෙනියන්න .අනෙක් දෙපැත්තම පාලනය දක්ක්කනේ ජනතාව” යැයි මල්වතු මහනාහිමි තිබ්බොටුවාවේ සුමංගල හිමියන් පැවසුහ .

එසේ පවසද්දී අනුර කුමාර සහ ලාල් කාන්ත මුවග නැගුනේ මන්දස්මිතයකි .

විවිධ දේශපාලඥයින් මල්වතු මහනාහිමියන් බැහැ දැකීමට යන බවත් ඒ හැමෝටම උන්වහන්සේ ආශීර්වාද කරන බවත් සත්‍යකි ඊටත් වඩා මාධ්‍ය මගින් පෙන්නුම් කරන්නේ එසේය .එහෙත් ඇත්ත ඊට වඩා බෙහෙවින්ම වෙනස්ය. පැමිණෙන ප්‍රභූන් හමුවීම ප්‍රතික්ෂේප කළ නොහැකි තත්වයක් සම්ප්‍රදාය විසින් ඇති කොට තිබේ.අනෙක් අතට උන්වහන්සේ රාජ්‍ය නායකයින්ට දැඩිව ඇමතු අවස්ථා ඇතත් ඒවා ප්‍රසිද්ධියට පත්ව නැත .

ගෝඨභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික අවකළමනා කරණය සහ සරත් ෆොන්සේකා සිරගත කිරීමේදී උන්වහන්සේ එම සිදුවීම් ප්‍රශ්න කළේ දැඩි බාධා මැද්දේය. එහෙයින් තමන්ට ලබුණු සහතිකයෙන් අනුර කුමාර සහ ලාල් කාන්ත මුවට මන්දස්මිතයක් නගා ගැනීම වරදක් නැති වුනත් ඒ සමඟම පැවරෙන්නේ බරපතල වගකීමකි.

ජාතික ජන බලවේගය වටා ජනතාව පෙළ ගැසෙන්නේ වෙනස් ආකාරයකට. පෙළගැසීම සිදුවන්නේ යුක්ති ගරුක සමාජයක් සහ සැනසිලිදායක ජීවිතයක් අපේක්ෂාවෙනි .

පොරොන්දු වලට වඩා අපේක්ෂාව පදනම් කරගත් දේශපාලනයක් වැරදී ගියහොත් ප්‍රතිපල භයානක විය හැකිය. ඒ අර්ථයෙන් මහ නා හිමි හමුවේ පසුවදන ලෙස ‘ පිස්සු කෙළියොත් බලාගෙනයි’යැයි යමෙක් ජාතික ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට පවසතොත් එය අසාධාරණ ප්‍රකාශයක් සේ සැලකිය නොහැක.

Related Articles