“අගතියට පත් ” කෙහෙළිය  අත්අඩංගුවට ගන්න

“අගතියට පත් ” කෙහෙළිය අත්අඩංගුවට ගන්න

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ සම්බන්ධය තමන්ට දැනෙන, හැඟෙන, සහ පෙනෙන හෙයින් ඔහුව අත්අඩංගුවට ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇත.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එම පැමිණිල්ල භාරදී ඇත. මේ අතරවාරයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීම සම්බන්ධ නඩුවෙන් තමන් අගතියට පත් වේ ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටී. හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කොට අත.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ පැවසුවේ මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් චුදිතයින් වී සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර ලබා දීමෙන් අධිකරණය කෙරෙහි ඇති මහජන විස්වාසය පළුදු වීමට හැකියාව පවතින බවයි.

නඩුවට මැදිහත් නොවී නීතඥවරුන්ට වෙන්කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කීරීමට කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා ට අවසර ලබා දෙන ලදී.

Related Articles