අතරමැදි  ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අවශ්‍යයි – අයේෂා  විජයලත්…

අතරමැදි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අවශ්‍යයි – අයේෂා විජයලත්…

ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ආකාරයට දේශපාලන නායකත්ව ව්‍යුහය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය විය යුතු බව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් විශ්ව විද්‍යලයේ නීතිය සහ යුක්තිය පිළිබඳව අචාර්ය උපාධි අපේක්‍ෂිකා අයේෂා විජයලත් තර්ක කරන්නීය.

නව ව්‍යවස්ථාවක් ඇතිවිය යුතු බවත් එතෙක් ජනතා නියෝජනය සහිත නව ආයතන බිහිවිය යුතු බව ඇය පෙන්වා දෙන්නීය. ජනතා ඉල්ලීම්වලට එරෙහිව අන්තර්කාලීන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වී ක්‍රියා කරන බවයි ඇය පෙන්වා දෙන්නේ. මේ වන විට , වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල භාවය නැති වී ඇති බව අයේෂා විජයලත් පෙන්වා දෙන්නීය.

පසුබිම…

රටේ ඉතිහාසයේ පෙර කිසිඳු අවස්ථාවකට වඩා ශ්‍රී ලංකාවේ ජනතාව එකමුතු වී සිතන අතර වාර්ගික හා ආගමික බෙදීම් පසෙකලා ‘GotaGoHome2022’ යන බැනරය සහ හැෂ් ටැග් එකට ජනතාව එක්වුහ. දශක ගණනාවක් තිස්සේ පැවති දූෂණය සහ ඥාති සංග්‍රහය අවසන් කිරීමට සහ මානව හිමිකම් ඉහළින් සුරකින ‘නව දේශපාලන සංස්කෘතියක්’ ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරින. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දුර්වලකම බව පෙන්වා දෙන විචාරකයින් සමඟ අයේෂා විජයලත් එකඟ වන්නීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ‘මානව සමෘද්ධිය’ ප්‍රවර්ධනය කිරීමට අපොහොසත් වී ඇති නමුත් ඒ වෙනුවට දේශපාලන හා ආර්ථික අසමානතාවයට තුඩු දෙන ක්‍රමානුකූල බලය අපයෝජනයට දිරිදෙයි. මෙහෙයින් තත්වය නරක් වෙමින් පවතී.

දේශපාලන නායකත්වයේ ප්‍රතිසංස්කරණ සමඟ එකට යන ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළත් වත්මන් ව්‍යවස්ථාවට හැකියාවක් නැත.

පවතින ප්‍රතිපාදන අනුව විධායක ජනාධිපතිවරයා කරන හෝ නොකරන කාර්ය විමර්ශනයට ලක්කළ නොහැක. දෝෂාභියෝගය යනු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතියක් අවශ්‍ය වන අසීරු ක්‍රියාවලියක් වන අතර, වත්මන් ජනාධිපතිවරයෙකු බලයෙන් පහ කිරීමට අවශ්‍ය ඡන්ද රැස් කිරීම අපහසු වේ.

සාමකාමී විරෝධතාවයේ අයිතිය…

බලයට පත් වූ විගසම, සාමකාමී විරෝධතාකරුවන්ට සාමකාමී විරෝධතාවයේ අයිතිය උල්ලංඝණය කරමින් ජනාධිපති වික්‍රමසිංහ ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කළේය. මහජන ව්‍යාපාරයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වලට ඇහුම්කන් දීමට සහ පවතින ව්‍යවස්ථාමය රාමුව හරහා අර්බුදය විසඳීමට ඇති ගැටළු පිළිබඳව ඔහුට දේශපාලන අධිෂ්ඨානයක් නොමැති බව පෙනීයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූලභාවය ගැන ප්‍රශ්න කිරීමට කාලය එළඹ ඇති බව අයේෂා විජයලත් පෙන්වා දෙයි.

වර්තමාන ව්‍යවස්ථාව විවිධ සුළු ජාතීන් බැහැර කළ රාජ්‍යය පිළිබඳ ඒකීය සහ බහුතර සිංහල-බෞද්ධ සංකල්පයක් තහවුරු කරන ලිය විල්ලකි. විධායක ජනාධිපති ක්‍රමය මධ්‍යම නියෝජිත ආයතනය වන පාර්ලිමේන්තුව මෙන්ම අධිකරණය සමානව දුර්වල කළ අතර, එමගින් ඒකාධිපති පාලනයකට මග පෑදුණි. විසිවෙනි සංශෝධනය විධායක බලය තවත් තීව්‍ර කොට ඇත.

අරගලය යනු මෙම පාලන ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය හීන වී යාමේ සහ පාලනය කරන්නන් ප්‍රතික්ෂේප කිරීමේ සෘජු පිළිබිඹුවක් බව පර්යේෂිකාව පෙන්වා දෙන්නීය.

මේ අනුව, වත්මන් ව්‍යවස්ථාමය යෝජනා ක්‍රමය යටතේ ජනාධිපතිවරයකු තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විෂම චක්‍රය දිගටම පවත්වා ගෙන යාමකි. විෂම චක්‍රයට ස්වෛරී ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයින් අතර පවතින ගැඹුරු දේශපාලන ගැටලුව විසඳීමට නොහැකි වී ඇත.

මහජන එදිරිව නියෝජිතයන්…

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මේ අනුව පාලකයින් සහ ජනතාව අතර සමාජ ගිවිසුම කඩ වී ඇති බවත්, ජනතා අධිකාරිය ප්‍රශ්න කරමින් සිටිති. අරගලය යනු ස්වෛරී ජනතාව විසින් ඔවුන්ගේ නියෝජිතයන් පැහැදිලිවම ප්‍රතික්ෂේප කිරීමකි.

පුරවැසි ව්‍යාපාරය මහජන සභාවක් ඉල්ලා සිටින්නේ මෙවන් පසුබිමකය. ජනාධිපති වික්‍රමසිංහ මහතා තේරී පත්වීමත් සමඟම වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ සාකච්ඡා සමඟ අරගල ක්‍රියාකාරීන්ගේ පුරවැසි රැස්වීම් පිළිබඳ කතිකාවත් යළි පණ ගැන්වී තිබේ. මෙමගින් රජය විසින් ජනතාවගේ ස්වෛරීභාවය පැහැර ගැනීම වළක්වා ගැනීම අපේක්ෂා කෙරේ.

අයේෂා විජයලත් පවසන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වන තුරු අතරමැදි පාලනයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා හා එකඟතාවයෙන් ආයතන පිහිටුවිය යුතු බවයි.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් මෙම ඓතිහාසික අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වූ තවත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බවයි අයේෂා විජයලත් පවසන්නේ.

Related Articles