අපි  බය නැහැ – ජෝ බයිඩ්න් පුටින්ට කියයි….

අපි බය නැහැ – ජෝ බයිඩ්න් පුටින්ට කියයි….

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ අමනෝඥ තර්ජනවලට අමෙරිකා එක්සත් ජනපදය බියට පත් නොවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ කැමරාවට ඇඟිල්ල දිගු කරමිනි.

යුක්‍රේනයේ කාලාප හතරක් රුසියාවට ඈඳා ගැනීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක්‍රියාකලාපයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහිදී ඔහු රුසියානු ජනාධිපතිවරයා ඇමතුවේ

“නේටෝ භූමියට අයත් සෑම අඟලක් ම ආරක්ෂා කිරීමට අමෙරිකාව සූදානම්.’ යැයි බයිඩන් පැවසීය.

ජනමත විචාරණයක් ඔස්සේ යුක්‍රේනයේ භූමි ප්‍රදේශයෙන් 15%ක් පමණ සිය රටට ඈඳාගැනීමට කටයුතු කරන බව ව්ලැඩිමීර් පුටින් පැවසීය.

Related Articles