තවත්  ඇමතිවරු  අවශ්‍යද ?

තවත් ඇමතිවරු අවශ්‍යද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ඇමතිවරු පත් කිරීම සම්බන්ධයෙන් උභතෝකෝටික ගැටළුවකට පත් ව සිටින නමුත් කිසිම අර්බුදයක් ගණන් නොගන්නා ජනාධිපතිවරයා මෙම ගැටළුවත් කාලය විසින් නිරාකරණය වීමට ඉඩ දීමට ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

කැබිනට් ඇමති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින අතර මේ තරම් ඇමතිවරු පත් කිරීම ගැන දැඩි ජනතා අප්‍රසාදයක් පවතී.

කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් මීට සති ගණනාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කොට ඇති අතර එහෙත් මෙතෙක් එම ඇමති ධූර නොලැබීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු දැඩි කනස්සල්ලෙන් පසු වෙති.

කැබිනට් මණ්ඩලයේ උපරිමය වන ඇමතිවරුන් තිස් දෙනාගෙන් දහ අට දෙනකු දැනටමත් පත් කර ඇති අතර, තවත් ඇමතිවරු ධුර 12ක් පත් කල හැකිය.

Related Articles