ලංකාව ලෝකයෙන්ම  කැපේවිද ?

ලංකාව ලෝකයෙන්ම කැපේවිද ?

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට රටවල් 26 ක් සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟතාව පළකර ඇති බව ජිනීවා වෙතින් ලංකා නිව්ස් වෙත වාර් තා
වේ.

“අඩුම තරමින් රටවල් දහයක් ලංකාව පැත්තේ හිට ගත්තොත් ලොකු දෙයක් යැයි ජිනීවා සිට කථා කළ වාර් තා කරුවෙක් පැවසීය.

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ කෙටුම්පත් කර ඇති යෝජනාවට ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙකියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, තුර්කිය, එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 26ක් මෙම යෝජනාවට අත්සන් තබා ඇත.

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ එක්සත් ජනපදය එක්ව මෙම යෝජනාව සකස් කර ඇත. මෙම යෝජනාව ඔක්තෝබර් 06 හෝ 07 වැනිදා ඡන්ද විමසීමට ලක් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතළ ලෙස විවේචනයට ලක් කොට ඇති අතර ආර් ථික අපරාධ පිළිබඳව දැඩි මත පළවෙමින් පවතී.

මෙම යෝජනාවට පිළිබඳ ඡන්ද විමසීමට සහභාගිවීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ජිනීවා නුවර පිටත්ව යෑමට නියමිතය.

Related Articles