ප්‍රසන්න රණවීර  රාජ්‍ය  ඇමතිවරයා  පුතා  රජයේ   වාහන  අවභාවිතාවට  ජාතියෙන් සමාව  ඉල්ලයි…

ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා පුතා රජයේ වාහන අවභාවිතාවට ජාතියෙන් සමාව ඉල්ලයි…

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් අසලදී පාසල් සිසුන් දෙදෙනකුට අමානුෂික අන්දමින් පහර දුන් රාජ්‍ය ඇමති ගේ පුත්‍රයා තම පිරිස සමඟ පැමිණ ඇති ටොයොටා 141ක වර්ගයේ කළු පැහැති WP KX 8472 කාර් රථයෙනි.

මේ පිළබඳව ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ “මට කිරිබත්ගොඩ පොලිසියෙන් කීවා මගේ පුතා පන්ති යන වෙලාවේ ගහගෙන කියලා. මම ඒ කිසිම දේකට සම්බන්ධයක් නැහැ. මේ ප්‍රශ්නයේදී පුතත් ගහලා. පුතාටත් ගහලා. දෙගොල්ලෝම ගහගෙන. මම අනුමත කරන්නේ නැහැ මේක. මට ඕන මගේ පුතාව චණ්ඩියෙක් කරන්න නෙවෙයි හොද දරුවෙක් කරන්න. මේ සිද්ධියට මම පුතාට දැඩි ලෙස අවවාද සහ කරන්න ඕන දේවල් පියෙක් විදිහට කළා. ඒ වගේම ඒ දෙමාපියන්ටත් කතා කරලා මම සමාව ඉල්ලුවා. ඒ වාහනයත් රජයේ වාහන වලින් මට හිමි එක වාහනයක්. ඒ වාහනය ක්ලාස් යනකොට අරගෙන ගිහින් තියෙනවා. ඒකට මම රජයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා යනුවෙනි.

රණවීර ඇමතිවරයා මීට පෙර ප්‍රකට වුයේ පාර්ලිමෙන්තුවේ සභා ගැබ තුළ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමේ හේතුවෙනි. තමන් පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ මහින්ද රාජපක්ෂ මහතා රැකගැනීමට බව රණවීර රාජ්‍ය ඇමතිවරයා මීට පෙර පවසා තිබුනි.

Related Articles