කෝටු  වලින්  ළමුන්ට  පහරදීම  වැරදි බව  නොදත්  හැටන්  විදුහල්පති…..

කෝටු වලින් ළමුන්ට පහරදීම වැරදි බව නොදත් හැටන් විදුහල්පති…..

හැටන්, කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක ප්‍රතිකාර සඳහා අද (සැප්. 29) කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් ව සිටින්නේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දෙනු ලැබීම හේතුවෙන් තුවාල ලැබීම හේතුවෙන් බව ඇය පවසයි.

විදුහල්පතිවරයා පවසන්නේ විනය හේතුවක් මත එම පාසල් දැරියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසූ බවය.

ගැටලුව වන්නේ කවර ආකාරයෙන් හෝ දරුවන්ට පහරදීම වරදක් වන බවයි . ළමුන්ට ශාරීරිකව දඬුවම් නොකල යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තාරා ද මෙල් මීට කලකට පෙර විදුහල්පතිවරුන්ට දන්වා සිටියාය. මේ සමඟ ඇති වීඩියෝවේ පෙනෙන්නේ දැරිය දැඩි පහර දීමකට ලක්ව තිබෙන බවයි.

කොටගල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ශාවිත්‍රි ශර්මා තුවාල ලැබූ දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. පාසලේ තීන්ත ගෑම සඳහා රු. 300ක මුදලක් එම පාසලේ ම අධ්‍යාපනය ලබන දරිය ගේ සහෝදරයා නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා
සොහොයුරාට පරුෂ වචනයෙන් බැන වදිද්දී ඇය මැදිහත්ව තිබේ.

“සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ළඟ වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලලා දෙන්නම්,” යැයි විදුහල්පතිවරයාට පවසද්දී මාරාවේශ වූ විදුහල්පතිවරයා දිගින් දිගටම කොසු මිටකින් පහර දෙද්දී ගුරු මණ්ඩලයේ බොහෝදෙනා ඒ දෙස බලාසිටි බවයි දැරිය පවසන්නේ.

තමන් කෑ ගසන ශබ්දය ඇසී තම පියා පාසල වෙත දිව ඇවිත් විදුහල්පතිවරයාගෙන් තමන්ව බේරා ගත් බව එම පාසල් සිසුවිය වැඩිදුරටත් අප වාර්තාකරු සමග පවසා තිබේ.

පහර කෑමට ලක් වූ පාසල් සිසුවියගේ පවුලේ සිවු දෙනෙකු සිටින අතර මව පවුලේ ආර්ථික අපහසුකම් නිසා ගෘහ සේවය සඳහා විදේශගත වී ඇත.

පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණඩලය බැන වැදී ඔවුන්ට පහර දීමට තැත් කළ බව පවසමින් විදුහලප්පතිවරයා ඔහු දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

Related Articles