අයවැය පරතරය පූළුල් -කප්පාදු  අත  ලඟයි…

අයවැය පරතරය පූළුල් -කප්පාදු අත ලඟයි…

ලබන මාසයේදී සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු මේ වනවිට අවසන් බවත් රජ්‍ය වියදම් වල බරපතල කප්පාදු සිදු වීමට ඉඩ ඇති බවත් දැනගන්නට තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ සංශෝධිත අයවැය සකස් කර ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවයි.

මෙම වසරේ (2022) පළමු මාස 06 දී විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වෙතින් ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ (2021) එම කාලසීමාවට සාපේක්ෂව 51.6%කින් පහත වැටීම අයවැය තුලනය කර ගැනීම අසීරු කොට ඇත.

සියලු අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන…

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමත් සමගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට (27) බදාදා ඉදිරිපත් කිරීමට නියමිතය.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය. මේ වන විට ප්‍රකාශයට පත්වී ඇති විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ගණනාවක්ම විවේචන ඉදිරිපත් කොට ඇති අතර විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඔවුන් විසින් අභියෝගයට කිරීමට ඉඩ ඇත.

Related Articles