රනිල් තටු  කපා ගනීවිද ?

රනිල් තටු කපා ගනීවිද ?

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනයේ බොහෝ වගන්ති ක්‍රියාත්මක කිරීමට තිබුනේ ඔහුගේ ධුර කාලය හමාර වූ පසුවය. බොහෝ විවේචකයින් පැවසුවේ මේ මගින් වර්තමානයට අවශ්‍ය විසඳුම් නොලැබෙන බවයි මසේ මෙය පාර්ලිමේන්තුවට බලය ඉල්ලා සිටින ලිබරල් වාදියෙකු ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහත් තමන්ට බලපාන්නේ නැති අන්දමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය කිරීමට උත්සාහ කරන බව විචාරකයින් පෙන්වා දෙති.

දැනට පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරයට ආණ්ඩු පක්ෂ බහුතරයට රිසි පරිදි මෙය සංශෝධනය කර ගත හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධුර කාලය තුලම විධායක ජනාධිපති ධුරයේ බලතල අවම කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය එකඟ වූ බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පවසන්නේ.

බදාදා විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සිදුවන විට යථා තත්වය දැනගත හැක්වෙනු ඇත.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා ජනාධිපතිවරයාගේ බලතල විශාල ලෙස කප්පාදු කිරීමට ඉදිරිපත් කළ යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කරගත නොහැකි බවයි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා පවසන්නේ.

මෛත්‍රී රනිල්ගේ මුක්තිය ප්‍රශ්න කරයි….

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට කැඳවා වැඩිදුර කරුණු විමර්ශනය කරනු ඇත. ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනුකර ඇත.

Related Articles