නැතිවූ  තුවක්කු  ගැන  රනිල්  අනුරගෙන් අසයි…

නැතිවූ තුවක්කු ගැන රනිල් අනුරගෙන් අසයි…

පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ටී 56 ගිනි අවියක් සහ පතොරොම් ගැබක් සමනල පාලම අසල දියවන්නා ජලාශයේ තිබී නාවික හමුදා කිමිදුන්කරුවන් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඉකුත් 13 වැනි දින විරෝධතාකරුවන් විසින් මෙම ගිනි අවිය පැහැරගෙන තිබිණි. මේ අතරවාරේ මේ තුවක්ක්කු නැතිවීම පිළිබඳව අතුරු කථාවක් සන්ඩේ ටයිම්ස් විසින් පත්තු කොට ඇත.

බදාදා රහස් ඡන්ද ඡන්ද විමසීම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසී ඇත. රනිල් වික්‍රමසිංහ ජවිපෙ නායකයාගෙන් අනපේක්ෂිත ප්‍රශ්නයක් ඇසුවේය: “තුවක්කු දෙක කෝ?” එම ප්‍රශ්නයෙන් අනුර කුමාර තුෂ්නිම්භූත විය.

පසුගියදා පාර්ලිමේන්තුවෙන් පිටත පැවති විරෝධතාවයක් අතරතුරදී හමුදා නිලධාරීන්ගේ තුවක්කු සොරාගත් ආකාරය රනිල් පැහැදිලි කළේය.

“ඒවා ගත්ත අයගෙන් අහන්න ඕන” යැයි හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන්නේය. “කොහොමහරි කමක් නැහැ ඒවා ඉක්මනට හමුදාවට භාර දෙන්න.” යැයි කියමින් තම කුටිය දෙසට ගමන් කොට ඇත.

Related Articles