කඳුළු ගෑස්  තොරතුරු ඉල්ලයි…

කඳුළු ගෑස් තොරතුරු ඉල්ලයි…

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා කාලය තුළ කඳුළු ගෑස් මිලදී ගැනීම්වලට අදාළව තොරතුරු හෙළි කරන ලෙසට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත.

නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට කොපමණ කඳුළු ගෑස් ආනයනය කළේද සහ කොපමණ වාරයක් කොපමණ දැයි දැන ගන්නා ලෙස ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ සමාජය හා ආගමික මධ්‍යස්ථානය ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබින.

සිවිල් වගකීම් පනතේ 25(3) වගන්තිය යටතේ පැය 48ක් ඇතුළත මෙම තොරතුරු නිකුත් කළ යුතුව තිබුනේ මෙම තොරතුරු පුද්ගල ආරක්ෂාවට සම්බන්ධ තොරතුරක් වූ හෙයිනි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව “නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රහස්‍ය තොරතුරු මූලාශ්‍රයක අනන්‍යතාවය හෙළිදරව් කිරීම…” යටතේ කටයුතු කිරීමේ අවසරය ඉල්ලා සිටියත් කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ගෙන ආ කඳුළු ගෑස් ප්‍රමාණය, ඒ සඳහා නිශ්චිත කාල සීමාවන් සහ ඊට අදාළ මුදල් වියදම් පිළිබඳ සියලු තොරතුරු සිය අතුරු නියෝගය ලැබුණු වහාම නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම පොලීසියට දන්වා ඇත. පොලිසිය විසින් පවසා ඇත්තේ අදාල කාලසීමාව තුල කඳුළු ගෑස් ආනයනය හෝ මිලදී ගැනීමක් සිදු නොවූ බවයි.

අභියාචනය පිළිබඳ වැඩිදුර විභාගය 2022 ජූලි 28 වන දිනට නිම කොට ඇති අතර, කොමිසමේ පරීක්ෂාව සඳහා ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

Related Articles