ඇප  නැති  මර්වින් බුරියානි මෙහෙයුමක……

ඇප නැති මර්වින් බුරියානි මෙහෙයුමක……

මර්වින් සිල්වා රළු පරළු වෙසින් ජාතික රූපවාහිනියට ඇතුල්වවී ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ටී එම් ජී චන්ද්‍රසේකර මහතා ගේ බෙල්ලෙන් ඇල්ලුවේ 2007 අව්රුද්දේ දීය. මාතර මහනාම පාලම ජනතා අයිතියට පවරද්දී මංගල සමරවීර මහතාට ඇට්ටි හැලේන්නට දෙමින් දුන් කථාව ප්‍රචාරය නොකලාට ටී එම් ජී චන්ද්‍රසේකර ගේ බෙල්ලෙන් ඇල්ලුවාට රූපවාහිනියේ නෝනලා මහත්තුරු මර්වින් සිල්වා ඇතුළු පිරිසට රජ පෝරියල් එකක් දුන්හ.

කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැරියේය.

දැන් ඊට පහළොස් වසරකට පසුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හට ඒ සම්බන්ධයෙන් නඩු පැවරී තිබේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප ලබාදෙමින් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මේ සැකකරුට ඇප ලබාදීමේ අවශ්‍යතාවක් නැති බව පැවසීම විශේෂයකි.

ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් පෙරළිකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණයෙන් නික්ම යාමේ අවස්ථාව ලබාගත්තේය. ඇපයක් නැතිව හිටපු ඇමති මර්වින් සිල්වා මහතාට නික්ම යාමට අවස්ථාව ලැබුන හේතුවද විශේෂ එකකි. කැලණියේ හරක් මැරීම නතර කිරීම ඒ විශේෂ හේතුවයි.

අධිකරණයට ගරු කිරීමක් ලෙස තමන් මාධ්‍යට මේ අවස්ථාවේ කථා නොකරන නමුත් ගෙදර පවත්වන මාධ්‍ය හමුවට පැමිණියහොත් ප්‍රශ්න වලට උත්තර සමඟින් බුරියානිද ලබාදෙන බව පැවසීය.

Related Articles