ඇමති පොරය  ආරම්භ වෙයි…

ඇමති පොරය ආරම්භ වෙයි…

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ආරක්ෂාව ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේදී දිව්රුම් දුන්නේය.

සාමාජිකයින් 20-25 කින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත අතර දැනටමත් මේ සඳහා විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.

තරුණ මන්ත්‍රීවරුන් රැසකට ආණ්ඩුවේ වගකීම් ලබාදීම ජනාධිපතිවරයාගේ සැලැස්ම වන බවත් සජිත් ප්‍රේමදාසට අගමැතිකම භාර ගැනීමට අරාධනා කිරීමට ඉඩ ඇත.

සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැව සුවේ තමන් නව ජනාධිපතිවරයා හමුවූ බවත් මේ අවස්ථාවේදී අවස්ථාවාදීන් වෙත ඇමති ධුර ලබාදීමට වඩා සංහිඳියාව ඇතිකළ හැකි අයට ඇමතිධුර ලබාදීම වැදගත් බව තමන් ඔහුට දැන්වූ බව පැවසුවේය.

නව ජනාධිපතිවරයා හා ඉතා මිත්‍රශීලී සහ සුහද හමුවක් පැවති බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව කැබිනට්‌ මණ්‌ඩල ප්‍රමාණය 30 නොඉක්මවිය හැකිය.

පාර්ලිමේන්තුව වාර අවසානය…

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම සිදුකර ඇත. සමන් ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළේය.

Related Articles