රනිල් ගේ  සුත්‍රය  කුමක් විය හැකිද ?

රනිල් ගේ සුත්‍රය කුමක් විය හැකිද ?

රනිල් වික්‍රමසිංහ මහතා 1977 මහ මැතිවරණයට බියගම ආසනයෙන් තරග වදිමින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ ජේ. ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා ලෙසිනි. දැන් ඔහු ජනාධිපති තනතුරට පත්වන්නේ ඉතා හොඳින් තෙම්පරාදු වූ දේශපාලඥයෙක්
ලෙසිනි.

පොදුවේ මෙම දේශපාලන නායකයින් බලය සඳහා කරන අරගලය පිළිබඳව ජනතා අප්‍රසාදය පලවෙමින් පවතී. මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම වඩා වැදගත් වන නමුත් බල මෙහෙයුමකින් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්ව සිටී.

මේ අප්‍රසාදය අහෝසි කොට තමන්ට වාසිදායක තත්වයක් බවට පත්කර ගැනීමේ අභියෝගය රනිල් හමුවේ පවතී.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්නේ බරපතළ ආර්ථික අර්බුදයකට සහ දේශපාලන අස්ථාවරත්වයකට මුහුණ දී සිටින අවස්ථාවකය. වඩා හොඳ නැවියන් බිහිවන්නේ කුනාටු සහිත මුහුදේය අනෙක් අතට කුනාටු රනිල්ට හොඳ හැටි පළපුරුදුය.

මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කෙරන ගනුදෙනුව සාර්ථකව හමාර කළහොත් ඒ මගින් වෙනත් මුල්‍ය අධාර සපයන්නන්ගේ විශ්වාසය දිනාගත හැකිවෙනු ඇත.

අනෙක් අතට ඉන්දියාව තමන්ගේ වාසිය පිණිස කරන ඉල්ලීම් සහ මුල්‍ය අරමුදල කරන පටි තදකර ගැනීමේ යෝජනා වලට විරෝධය පළවීමට ඉඩ තිබේ.

මේ විරෝධය සමහන් කරගෙන මුල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි. මේ අභියෝගය ජය ගැනීම ඔහුට ආවේණික සුත්‍රයකට අනුව සිදුවීමේ වැඩි ඉඩක් ඇත.

ආවේණික සුත්‍රයකට අනුව :….

රනිල් වික්‍රමසිංහ යනු අතීතය හෝ අනාගතය දෙස බලන දේශපාලග්ඥ්යයෙක් නොවේ. ඔහුට වැදගත් වන්නේ වර්තමානයයි.

අතීතය හෝ අනාගතය පිළිබඳව සිතුවේ නම් ලංකාවේ ප්‍රබලතම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය එක් ජාතික ලැයිස්තු ආසනයකට බස්සවා ගන්නේ නැත. අනෙක් අතට ඔහු අතීතය සහ අනාගතය අතර සිරවී සිටියේ නම් තම පාර්ලිමේන්තු අසුන පවා දිනාගත නොහැකිව විධායක
ජනාධිපති ලෙසින් පත්වන්නේද නැත.

මෙහෙයින් රනිල් වික්‍රමසිංහ ගන්නා මග ඔහුටම අවේනික මගක් වනු ඇත. ක්‍රිකට් බසින් කියත හොත් එය මුරලිදරන් ගේ දුස්රා පන්දුවකට සම වෙනු ඇත. දඟ කැවෙන ඉසව්ව කල්තියා කිව නොහැක.

Related Articles