හරින් ගෙන්  සජිත්ට  ටෝක්කක්…

හරින් ගෙන් සජිත්ට ටෝක්කක්…

රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩ දැමිමට ශ්‍රී ලංකාවේ සිටින වඩාත් පරිණතම පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින හෙයින් තමන් ඒ ගැන සතුටට පත්ව සිටින බවත් දැන් කිරීමට ඇත්තේ උඩ පැනීම නොව වැඩකිරීම බව හරීන් ප්‍රනාන්දු මහතා පවසයි .

රට අර්බුදයට පත්ව සිටින විට ආසයි බයයි දේශපාලඥයින්ගෙන් වඩක් නැති බව හරීන් ප්‍රනාන්දු පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එල්ල කරගෙන විය හැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් නොවී තමන් ජනාධිපති තනතුර භාර නොගන්නා බව සජිත් ප්‍රේමදාස පැවසු විට හරීන් ප්‍රනාන්දු පැවසුවේ ‘ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යනුවෙනි ‘ දැන් හරින් බෝට්ටුව මාරු කොට ඇත.

සියලුම පාර්ලිමේන්තු කණ්ඩායම් එකතු විය යුතු බව හරින ප්‍රනාන්දු පවසතත් එය සිදුවීමට තිබෙන ඉඩකඩ සීමිත බව විචාරකයින් පෙන්වා දෙති.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයෙන් ඉවත් වීම ඔහුට ඉතා දුෂ්කර තීරණයක් වන්නට ඇත . සරත් ෆොන්සේකා ඇතුළු තවත් කීප දෙනෙක් කියා සිටියේ ඔහු අනිවාර්යයෙන්ම ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීම වැදගත් බවයි ඔහු එසේ කලා නම් පරාජය වීම ස්ථිරය. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව සජිත් මේ පිළිබඳව පැවසුවේ අංක ගණිතය හොදින් දැනගෙන කටයුතු කල බවයි.

දහනමවෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයේ සාරය අඩංගු නව සංශෝධනයක් සිදුකොට ඒ තුලින් පාර්ලිමේන්තුවට බලය ලබා ගෙන ක්‍රියාත්මක වීම සජිත්ගේ සැලැස්ම විය. දැන් ඒ වෙනුවට සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ඉලක්කය ඉක්මන් මහ මැතිවරණයක් විය හැකිය. ඒ ඔස්සේ ආණ්ඩු පක්ෂය සහ සමඟි බලවේගය අතර බෙදුමක් ඇතිවීම වැලැක්විය නොහැක.

Related Articles