ඩලස්  මහින්දගේ අපේක්ෂකයා වෙයි…

ඩලස් මහින්දගේ අපේක්ෂකයා වෙයි…

රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සහයෝගයෙන් ජයග්‍රහණය කල බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදී පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ පවසන්නේ තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බවයි.

‘අපි ඉදිරිපත් කළා ඩලස් ව. අපි ඡන්දය දුන්නා. පැරදුනා ඉතින්. කවුරු හරි දිනන්න එපැයි. ඔහු කියා සිටියේය. පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඉන් පිටවයන අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා යනුවෙනි. ඩලස්ගේ අපේක්ෂකත්වය පිළිබඳව පොහොට්ටුවේ සභාපති සහ මහ ලේකම් වරයාගේ පිල් බෙදීම පිළිබඳව විමසුවිට ලැබුනේ ලිස්සා යන පිළිතුරකි.’එක එක මත තිබෙනවා නේ.’ යැයි මහින්ද රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

මාධ්‍යවේදියෙක් ඔබතුමා ඡන්දය ප්‍රකාශ කළෙත් රනිල් වික්‍රමසිංහ මහතාට ද? යැයි ඇසු විටද කෙළින් පිළිතුරක් ලැබුනේ නැත.

මහින්ද රාජපක්ෂ මහතා – නෑ.. එහෙමත් නැහැ. කියමින් යළිත් ලිස්සා ගියේය. මේ අතරවාරේ මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවා බලපෑමේ සිදුවූ බව කටකථා පැතිර යද්දී ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කොට ඇත. ඉන්දියාව ජනාධිපති තරඟයට බලපෑම් නොකළ බව කියයි.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයේදී ඉන්දියාව ශ්‍රී ලංකා දේශපාලන නායකයින්ට බලපෑම් එල්ල කළා යැයි පළවන පදනම් විරහිත මෙන්ම අනුමාන මත පළ වී ඇති මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට කිසිම විටකත් මැදිහත් නොවන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

Related Articles