ශ්‍රී ලංකාවේ අර්බුදය නිරාකරණය ගැන ඉන්දීයාවෙන් කිසිත්  නොමිලේ නැත….

ශ්‍රී ලංකාවේ අර්බුදය නිරාකරණය ගැන ඉන්දීයාවෙන් කිසිත් නොමිලේ නැත….

ශ්‍රි ලංකාවේ තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටින බවත්, රාජ්‍ය මූල්‍ය විචක්ෂණභාවය, සහ වගකිවයුතු ලෙස රාජ්‍ය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව බොහෝ පාඩම් ඉගෙන ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, පැවසීය.

නොමිලේ කිසිත් ලබා නොදෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

ශ්‍රිලංකාවේ උදාවී ඇති තත්වයට සමාන තත්වයක් ඉන්දියාවේ පැන නැගීය හැකි දැයි සමහරුන් අසන නමුත් තම රටේ එවැනි තත්වයක් පැන නැගීමට ඉඩක් නැති බවයි විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කළේ.

මේ වන විට ශ්‍රීලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාව පිළිබඳව තමන් සැලකිල්ලෙන් සිටින බවත් ඒ ලැබෙන ප්‍රතිපල ඉන්දියාවේ සහයක කාර්ය භාරය පිළිබඳව තීරණයක් ගන්නා බවයි විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ.

ඉන්දීය කොංග්‍රසය, වාමාංශික පක්ෂ සහ ඩී.එම්.කේ. ඇතුළු දේශපාලන පක්ෂ 28 ක නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගිවුහ.

සහභාගී වූ රැස්වීමේදී කෙසේ වෙතත්, මේ පිළිබඳ යෝජනා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවට ලබා දෙන සහන පිළිබඳව මුදල් ඇමතිවරිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමට නියමිතය.

සියළුම පක්ෂ සහ කණ්ඩායම් එක හෙළාම කියා සිටියේ ශ්‍රීලංකාවට ආධාර කළ යුතු බවයි. එහෙත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව දිගින් දිගටම හදිසි අධාර සැපයීමේ වැඩපිළිවෙලින් ඉවත් වීමට ඉඩ ඇත.

Related Articles