ඉන්දීය ණය  හමාර වෙන හැඩ…..

ඉන්දීය ණය හමාර වෙන හැඩ…..

මේ වසරේ ශ්‍රී ලංකාවට වැඩිම ණය ලබාදී ඇත්තේ ඉන්දියාවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට නව මූල්‍ය ආධාර සැපයීමට ඉන්දියාව සැලසුම් නොකරන බව රොයිටර් පවුත් සේවය වාර්තා කරයි.

මෙට හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් මූලික ණය ගිවිසුමකින් පසු ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගන්නා බව ඉන්දියාව තුල ඇති විශ්වාසයයි.

මේ වසරේ දී දීර්ඝ කර ඇති ඩොලර් බිලියන 4 කට ආසන්න මූල්‍ය පහසුකමට ශ්‍රී ලංකාවට දිගටම ලැබෙනු ඇත. දිගින් දිගටම ශ්‍රී ලංකාවට ණය ලබාදීමට නොහැකි බව මීට පෙර නව දිල්ලිය “සංඥාවක්” දුන් බව මාධ්‍ය විස්ලෙෂකයින් පවසති.

මෙම වසර අගදී ජපානය, චීනය සහ සමහරවිට දකුණු කොරියාව සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවකට ඉන්දියාවටද ආරාධනය කිරීමට නියමිතය.

Related Articles