පුටින් ඇතුළු  රාජ්‍ය  නායකයින් රැසකට  රැජින ගේ අවමගුල් උළෙලට  තහංචි….

පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් රැසකට රැජින ගේ අවමගුල් උළෙලට තහංචි….

සිරියාව, වෙනිසියුලාව සහ ඇෆ්ගනිස්ථානයේ කිසිදු නියෝජිතයෙකුට ආරාධනා කර නොමැති බව, එක්සත් ජනපද රජයේ ආරංචි මාර්ග බීබීසීයේ ජේම්ස් ලැන්ඩේල් වෙත පවසා තිබේ.

මෙයට හේතුව එක්සත් රාජධානිය මෙම රටවල් සමඟ පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවැත්වීමයි.

උතුරු කොරියාව (DPRK) සහ නිකරගුවාවට ආරාධනා කර ඇත්තේ තානාපතිවරුන් පමණක් එවීමට මිස රාජ්‍ය නායකයින්ට නොවේ.

රුසියාව, බෙලරුස් සහ මියන්මාරය යන රටවලින් කිසිවෙකුටත් ආරාධනා කර නැත.

රුසියාව, යුක්රේන ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් රාජධානිය සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටී ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙකු පසුගිය සතියේ කියා සිටියේ අවමංගල්‍යයට සහභාගී වීම ගැන සළකා බලන්නේ නැති බවයි.

මෙම ආක්‍රමණය අර්ධ වශයෙන් දියත් කරන ලද්දේ බෙලරුස් ප්‍රදේශයෙන් වන අතර, එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ, ජනාධිපති පුටින්ගේ සමීප සගයෙකි.

2021 පෙබරවාරි මාසයේදී මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් පසු එක්සත් රාජධානිය මියන්මාරයේ සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැළකිය යුතු ලෙස අඩු කර ඇත.

Related Articles