ඉමියොනෝග්ලෝබියුලින් – තවත් අත්අඩංගුවට ගැනීම්?

ඉමියොනෝග්ලෝබියුලින් – තවත් අත්අඩංගුවට ගැනීම්?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඉමියොනෝග්ලෝබියුලින් වංචාව පිළිබඳව වැදගත් තොරතුරු රැසක් විමර්ශකයින්ට අනාවරණය කිරීමේ හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම් කීපයක් සිදුවීමට ඉඩ ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, අයිසොලේස් බයෝටෙක් සමාගමේ හිමිකරු සමග පසුගිය ජනවාරි 04 වෙනි දා ඇති කරගත් ගිවිසුම දේශපාලන බලපෑමක් මත සිදුවූවක් ද යන්න පිළබඳව විමර්ශන සිදුවෙමින් පවතී.

මේ අතරවාරේ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසන්නෙ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වී සාධාරණ පරීක්ෂණයකට ඉඩ දිය යුතු බවයි.

Related Articles