ඉල්ලන  හැමටම රට  රැකියා නැහැ….

ඉල්ලන හැමටම රට රැකියා නැහැ….

රජයේ සේවකයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේදී සීමා ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

පිරිමි පුද්ගලයින් 10,281ක් සහ කාන්තාවන් 8,012ක් විදේශගතවීමේ කැමැත්ත පළ කොට ඇතත් මේ තාක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා
විදේශ ගත වී ඇත්තේ 273 දෙනෙක් පමණි.

” මේ රටේ කළමණාකරන සහකාරවරයෙකුට, මේ රටේ සමෘද්ධි නිලධාරියෙකුට, මේ රටේ ග්‍රාම නිලධාරීවරයෙකුට. ඒ රටේ ගිහිල්ලා මේ රස්සාව කරන්න බෑ කියලා අපි හැමෝම අවබෝධයෙන් දන්නවා” යැයි කැබිනට් තීරණ දුනුම් දීමේ හමුවට එක වූ ඇමතිවරයා පැවසීය.

.” රාජ්‍ය සේවකයෝ හිතනවා අපි විදේශ රැකියා අමාත්‍යංශය හැටියට රස්සාවල් ටික හොයලා අපි ගෙනත් දෙනවා අතට මෙන්න මේ රස්සාවට යන්න කියලා, ඒ කර්තව්‍ය සිද්ධවෙන්නේ නෑ.” යැයි ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

Related Articles