ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව ප්‍රමාද වෙන ලකුණු…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව ප්‍රමාද වෙන ලකුණු…..

චීනය සහ ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රමාදය මෙන්ම දෙරට සමඟ විසඳා ගතයුතු ‘ද්විපාර්ශ්වික ගැටලු’ හේතුවෙන් මුලින් අපේක්ෂා කළ පරිදි දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගත නොහැකි වීමට ඉඩ තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විධිමත් ලෙස ප්‍රතිසංස්කරණ වැඩසටහනක් අනුමත කිරීමට පෙර ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ‘ණයහිමි සහතික’ ලබා ගත යුතුය.

මේ සහතිකය ලබා ගැනීම දුෂ්කර වී ඇති බවක් වේ ඇති බවක් පෙනෙන්නට තිබේ.

ණය පැහැර හැරීමට ලක් වූ අනෙකුත් රටවල් මෙන් නොව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් වන චීනය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හොඳින් කළමනාකරණය යාන්ත්‍රණයක් තිබූ පැරිස් ණය හිමියන්ගේ සමාජයෙන් බැහැර වී සිටිති.

ජනාධිපති වික්‍රමසිංහ මහතා කොළඹ තේ කම්හල් හිමියන්ගේ සංසදයකට අදහස් දක්වමින් පැවසුවේ දැන් 2023 ජනවාරි මස ඉලක්ක කරගෙන ඉන්දියාව ,චීනය සහ ජපානය සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා තමන් කටයුතු කරමින් සිටින බවයි.

Related Articles