බොරැල්ලේ සිරිසුමන හිමි අත්  අඩංගුවට  ගැනීමෙන් තිලිණිගේ ආයෝජකයින් කළබල වෙති…

බොරැල්ලේ සිරිසුමන හිමි අත් අඩංගුවට ගැනීමෙන් තිලිණිගේ ආයෝජකයින් කළබල වෙති…

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙතෙක් පැමිණිලි ඉදිරිපත් නොකළ ආයෝජකයින් කබල වී ඇති බව දැන් ගන්නට ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන අන්දමට බොරැල්ලේ සිරිසුමන හිමි අත් අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මතය.

මීට පෙර හෙලිදරව් වූ තොරතුරු අනුව තිළිණි ප්‍රියමාලිගේ ගනුදෙනුවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ කඩවත සිරිඅරන්තක සමාධි අරණ විහාරයේ වැඩ වාසී බොරැල්ලේ සිරිසුමන හිමියන් තිකෝ ව්‍යාපාර සඳහා ආයෝජකයින් යොමු කිරීමට කටයුතු කොට ඇත.

ව්‍යාපාරවල ආයෝජනය කිරීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයන්ට දෙන මුදලට ඇපයක් ලෙස රන් පොලු ලබා දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වී ඇත.

මෙම රන් පොලු දැක බලා ගැනීම සඳහා බොරැලලේ සිරිසුමන හිමියන්ගේ කඩවත පන්සලට ගිය ආයෝජකයින් කීපදෙනක්ම රැවටීමට හසුවුවත් නිහඬ
ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව දැනගන්නට තිබේ.

බොරැලලේ සිරිසුමන හිමියන්ගේ කඩවත පන්සලේ ව්‍යාපාරිකයන්ට ආයෝජන වෙනුවට පෙන්වූ රන් පොලු පිත්තලවලින් සැදු රන් ආලේපිත ව්‍යාජ ඒවා යැයි හෙළිදරව් වී තිබින.

මේ වන විට රුපියල් කෝටි තුන්සීයක පමන වංචා පිළිබඳව පැමිණිළි ලැබී ඇතත් කෝටි දහසකට වැඩි වංචාවක් සිදුවී ඇති බව පොලීසිය පවසයි.

වංචාව පිළිබඳව පැමිණිලි නොකළත් මුදල් ඉපැයූ ආකාරය පිළිබඳව පැහැදිළි නොකළ හැකි පුද්ගලයින්ට අල්ලස් වංචා දුෂණ හෝ මුදල් විශුද්දීකරණය පිළිබඳව ඇති නීති යටතේ පියවර ගත හැකිය.

Related Articles