උගතුන්  රට හැර  යෑම  නතර  කල හැකිද ?

උගතුන් රට හැර යෑම නතර කල හැකිද ?

ආහාර උද්ධමනය මේ වන විට 94% ඉක්මවා යද්දී රුපියලේ අගය දැඩි පසුබෑමකට ලක්විවෙමින් පවතී. විදෙස් සංචිත අවසන් අඩියටම පහත වැටී ඇත ඉන්ධන නැව් කොළඹ වරායට පැමිණ මුදල් නැංගුරම්ලා ගෙන සිටී. මේ වන විට එවැනි පසුබිමක් තුළ ඇති හැකි මෙන්ම උගත් වෘත්තීයවේදීන් හා බුද්ධිමතුන් රට හැර යෑම නතරකළ නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වස‍රේ මුල් මාස 9 තුළ නිකුත් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව හත් ලක්ෂයකට අධික වේ. 2021 වසරේ නිකුත් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ විය.

2022 වසරේ දත්තවලට අනුව පිරිමි පුද්ගලයින් හාරලක්ෂයකට අධික පිරිසක් සහ දෙලක්ෂයකට අධික කාන්තාවන් පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගෙන තිබේ. වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 15,286කි. වෘත්තියවේදීහූ විශාල පිරිසක් මේ අතර සිතන අතර ඒ හේතුවෙන් පුහුණු ශ්‍රම හිඟයක් ඇතිවිය හැකිය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 09 තුළ විදේ රටවල රැකියා සඳහා ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 240,000 ඉක්මවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කළේ, “මේ වෙනකොට වෛද්‍යවරු 400කට වඩා රට හැර ගිහිල්ලා. ඒ ගොල්ලෝ ගියා කියලා මේ රටට ඩොලර් එන්නේ නැහැ. ඒ ගොල්ලෝ පවුල් අරන් යන්නේ”

රාජ්‍ය සේවයේ විශ්‍රාමයෑමේ වයස අවුරුදු 60කට අඩුකිරීමේ තීරණය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනකු විශ්‍රාමයාමට නියමිතය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවත් උග්‍ර වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

උගතුන් රට හැර යෑම නොවැලැක්විය හැකි යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන අතර කල හැකි එකම දෙය යන්න හිතෙන නොව ඉන්න හිතෙන රටක් ගොඩ නැගීමයි.

Related Articles