සරත්  වීරසේකර  හැර 178 දෙනෙක්   වැඩි  ඡන්දයෙන්  විසිදෙක  සම්මත  කර ගනිති….

සරත් වීරසේකර හැර 178 දෙනෙක් වැඩි ඡන්දයෙන් විසිදෙක සම්මත කර ගනිති….

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීමේ අයිතිය අහෝසිවීම, ස්වාධීන කොමිෂන් සභාවලට බලතල ලැබීම, පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ඒ ආකාරයෙන්ම ලබාදීම ඇතුළු ප්‍රතිපාදන රැසක් ක්‍රියාවට නැගෙනු ඇත.

පනතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පමණි. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු (සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් හයදෙනෙක් සභාවේ නොසිටිම විශේෂත්වයකි. වැදගත් ආණ්ඩුක්‍රම සංශෝධනයක් සිදුවෙන අවස්ථාවක මේ තරම් මන්ත්‍රීවරු ගණනාවක් සභා ගැබේ නොසිටී පළමු අවස්ථාව මෙයයි.

චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ මන්ත්‍රීවරු අතර වුහ.

Related Articles