ව්‍යවස්ථා සංශෝධන වේලාවේදී පුස්තකාලයේ හැංගුනාට  රිටන් එක  වැදුන හැටි  ගීතා  කියයි…

ව්‍යවස්ථා සංශෝධන වේලාවේදී පුස්තකාලයේ හැංගුනාට රිටන් එක වැදුන හැටි ගීතා කියයි…

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ කට්ටි පැන්න නිසා තමන්ට රිටන් එක ලැබුණු බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය හෙළිදරව් කළාය.

මහින්දානන්ද ඇතුළු පිරිසක් එදින තමා සිටින්නේ කොහිදැයි සොයා බලා ඉහළට වාර් තා කිරීම හේතුවෙන් එදා පනස් දෙකකට නියෝජ්‍ය,රාජ්‍ය ඇමතිකම් ලැබෙද්දී තමාට කිසිවක් නොලැබුණු බව ඇය පාර් ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගි 20ට අත උස්සන්නේ නැතුව සිටිබව ඇය පැවසුවාය. මෙවරද මන්ත්‍රීවරු හතලිහක් පමණ ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම පක්ෂයේ එම්.ඒ සුමන්දිරන් සහ ෂ්‍යානක්කම් රාසමානික්කම් නොපැමිණි මන්ත්‍රීවරු අතර වෙති.

Related Articles