මහ මග  මර දැමු මන්ත්‍රී අමරකීර්  තිගේ පවුලට මිලියන 10ක වන්දියක් ….

මහ මග මර දැමු මන්ත්‍රී අමරකීර් තිගේ පවුලට මිලියන 10ක වන්දියක් ….

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ඒ මහතාගේ පවුලට ලබාදීමට තීරණය කොට ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පා ර් ලීමේන්තුවට දැන්ව සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

සාමකාමී අරගලයට පොහොට්ටු පාක්ෂිකයින් පහරදීමෙන් අනතුරුව පසුගිය මැයි 09 වෙනිදා ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරේ නිට්ටඹුව නගරය හරහා ගැන ගනිමින් සිටිය දී අමරකීර්ති අතුකෝරාළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරා දමන ලදී.

ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ද වන්දි මුදලක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අමරකීර්ති අතුකෝරාළ පලමු වතවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් විය.

Related Articles