ලිස් ට්‍රස්ට පස්සේ එක්සත් රාජධානියේ අගමැති වෙන්නේ කවුද ?

ලිස් ට්‍රස්ට පස්සේ එක්සත් රාජධානියේ අගමැති වෙන්නේ කවුද ?

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දී දින 45 ක් ගත කළ ලිස් ට්‍රස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 2022 වසරේදී එක්සත් රාජධානියට පත්වන තෙවැනි අගමැතිවරයා ලෙස නව අගමැතිවරයෙකු පත් කෙරෙනු ඇත.

දේශපාලන කැලඹීම් සහ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් යුතුව ගෙවුණු සති කිහිපයකට පසුව එක්සත් රාජධානියේ තෙවැනි කාන්තා අගමැතිනිය නව වාර්තාවක් පිහිටුවා සිය ධුරයෙන් ඉවත් වන්නේ එරට අග්‍රාමාත්‍ය ධුරය කෙටිම කලකට හෙඹවූ පුද්ගලයා බවට පත්වෙමිනි.

මීළඟ අගමැති තනතුර සඳහා රිෂි සුනක් සහ හිටපු අගමැති බොරිස් ජොන්සන් සලකා බැලෙනු ඇත. සෙසු කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් අතර වැඩි ඉඩක් ඇත්තේ රිෂි සුනක්ටය.

සුනක්ට මූල්‍ය වෙලඳපොලවල විශ්වාසය හිමව ඇති අතර දක්ෂ ආර් තික කළමනාකරුවෙකු ලෙසත් සැලකේ.

Related Articles