උතුවන්කන්දේදී  ඇය  ජීවිත  ගවේෂණය  හමාර කළාය….

උතුවන්කන්දේදී ඇය ජීවිත ගවේෂණය හමාර කළාය….

පෙරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකා විරස්මි කොඩිතුවක්කු අඩි 300ක් පමණ ප්‍රපාතයකට වැටීමෙන් මියගොස් ඇත.

ඇල්පිටියේ පදිංචි විරස්මි කොඩිතුවක්කු නමැති 27 හැවිරිදි තරුණිය පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ සිසුන් පිරිසක් සමඟ කළ විෂයානුබද්ධ ක්ෂේත්‍ර ගවේෂණය කනගාටුදායක ලෙස නිමාවට පත්වී ඇත.

අද(21) පෙරවරුවේ උතුවම්කන්ද සූරසරදියන් ගල තරණය කරමින් සිටියදී ඇය පය ලිස්සා මේ අයුරින් පහළට වැටි ඇතැයි පොලිසිය කියයි.

Related Articles