ආණ්ඩුවේ පාලන මිලට  දෙන්න-  බිත්තර  ඇත්තේ  නැහැ….

ආණ්ඩුවේ පාලන මිලට දෙන්න- බිත්තර ඇත්තේ නැහැ….

ආණ්ඩුවේ පාලන මිලට එරෙහිව බිත්තර නිෂ්පාදකයින් දැඩි ප්‍රතිචාර දක්වන අතර වාරේ කඩ සාප්පු වල බිත්තර හිඟයක් ඇතිවෙමින් පවතී. බිත්තරයක් රුපියල් පනස් පහට අඩුවෙන් අලෙවි නොකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කොට ඇත.

පශු සම්පත් අමාත්‍යාංශය මෙම මාසය සඳහා බිත්තරයක නිශ්පාදන මිල රුපියල් බිත්තරයක් 49.50ක් ලෙස ප්‍රකාශ කොට තිබෙන අවස්ථාවක ආණ්ඩුව රුපියල් 43 හා 45 ලෙස පාලන මිල ප්‍රකාශ කිරීම තාර්කික නැති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

සෑම මසකම බිත්තරයක නිශ්පාදන මිල අමාත්‍යාංශය විසින් ගණනය කර ගොවීන්ට ලබා දෙන අවස්ථාවකදී පාරිභෝගික අධිකාරියට නීතියට පටහැනිව බිත්තර සඳහා පාලන මිලක් පැනවිය නොහැකි බව සංගමය පෙන්වා දෙයි.

බිත්තර බෙදාහැරීම නැවැත්වීමට තීරණය කර නැති අතර වෙළඳුන්ට ගොවීන්ගෙන් බිත්තරයක් රුපියල් පනස්පහකට මිලදී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගැනීම කොතෙක් ප්‍රායෝගිකද යන ප්‍රශ්නය මතුවී තිබේ.

Related Articles