සුපිරි  ලාභ  ලබන ටෙලිකොම්  ප්‍රතිව්‍යුහගතකරණය කරන්නෙ ඇයි ?

සුපිරි ලාභ ලබන ටෙලිකොම් ප්‍රතිව්‍යුහගතකරණය කරන්නෙ ඇයි ?

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් බිලියන 16ක වාර්තාගත ලාභයක් ලබා තිබියදී එය පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට ඇතුලත් කොට ඇත්තේ මන්දැයි තමන්ට හිතාගත නොහැකි බව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු පවසයි.

එම වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් බිලියන 1.8ක ප්‍රතිලාභද ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති අවස්ථාවකදී මේ ප්‍රතිව්‍යුහගතකරණ තීරණය ගෙන ඇති බව සභාපති රොහාන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙහි නම ප්‍රතිව්‍යුහගතකරණ ලැයිස්තුවේ සඳහන් වී ඇත්තේ වැරදීමකින්දැයි ටෙලිකොම් සභාපතිවරයා ප්‍රශ්න කරයි. දිගින් දිගටම ලාභ ලැබූ ආයතනයක් වන ටෙලිකොම් සාර්ථක පෞද්ගලික ව්‍යවසායක් බවයි ඒ මහතා පවසන්නේ.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදකයා ලෙස SLT සමූහය 2022 වසරේ ප්‍රථම අර්ධයේදී තිරසාර වර්ධනයක් වාර්තා කරමින් පෙර වසරේ අදාළ කාලයට සාපේක්‍ෂව රුපියල් බිලියන 52.8ක ආදායමක් ලබා ඇත. එය සියයට හයක වර්ධනයකි. බදු ගෙවීමට පෙර ලාභය වර්ධනය සියයට 19.8කි. මුදලින් රුපියල් බිලියන 7.2කි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙහෙයුම් ප්‍රවාහනය පෙර වසරට සාපේක්‍ෂව ඒ අනුව සියයට 21.2ක වර්ධනයක් ලබා ඇත.ලාභාංශද ඇතුළුව සෘජු සහ වක්‍ර බදු වශයෙන් 2022 අර්ධ වර්ෂය තුළ රුපියල් බිලියන 14ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇතැයිද ටෙලිකොම් සභාපතිවරයා කියා සිටී.

Related Articles