එක්ස්ප්‍රස් පර්ල් විනාශයෙන් සිදුවූ සමුද්‍ර විනාශය පාලනයේ ප්‍රමාදයක් නැහැ – දර්ශනී ලහඳපුර….

එක්ස්ප්‍රස් පර්ල් විනාශයෙන් සිදුවූ සමුද්‍ර විනාශය පාලනයේ ප්‍රමාදයක් නැහැ – දර්ශනී ලහඳපුර….

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිනි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ මැයි මස 02 වැනිදාය. එහෙත් මේ වන තෙක් ඒ හා මතුවූ අර්බුද සම්පුර්ණයෙන්ම නිරාකරණය වී නැත. මේ සම්බබන්ධයෙන් ලංකා නිව්ස් ලයින් වෙත කරුණු පැහැදිලි කළ සමුද්‍ර පරීක්ෂණ අධිකාරියේ සභාපතිනි පැවසුවේ මෙය ලොව සිදුවූ දැවැන්ත ප්ලාස්ටික් පරිසර දුෂණය බවත් මෙහි පාරිසරික බලපෑම් සමනය කරගැනීමට වසරකටත් වැඩි කාලයක් ගතවිය හැකි බවත්ය. ප්‍රදේශයේ ධීවරයින්ට තමන්ගේ වැඩකටයුතු කරගෙන යෑමට බාධාකාරී වන මට්ටමේ බලපෑම් ඇති බව තමන් විශ්වාශ නොකරන බව පැවසීය.

මේ පිළිබඳව පලවී ඇති මාධ්‍ය වාර්තා ගැන විමසු විට කියා සිටියේ මේ පිළබඳව හොයා බලන බවයි.

මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් සම්පාදනය වී ඇතත් මේ පිළිබඳව නඩු කටයුත්තක් ඇති හෙයින් මේ පිළිබඳව තොරතුරු මහජනතාවට දැනට ලබාදිය නොහැකි බව සභාපතිනිය පැවසුවාය.

සමුද්‍ර ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇති බවට නැගෙන චෝදනා ඇය ප්‍රතික්ෂේප කළාය.

මෙරට මුහුදු සීමාවේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මෙතෙක් රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක් වැයවී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවාය.

මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත් කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.

පසුගිය වසරේ ජූනි මස 2 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු කිරීමට රුපියල් 903,857,293ක් වැය වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සාකච්ඡාවක දි අනාවරණ විය.

එම සාකච්ඡාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ද එක්ව සිටියහ.

එහි දී විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදුන්නේ, නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම්, ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙසයි.

මෙහි දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහදපුර සඳහන් කළේ මුහුදුබත් වූ නෞකාවේ බහලුම්වලින් නිකුත් වන ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍යයන් ඉවත් කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇති බවයි.

Related Articles