වසන්ත  මුදලිගේට  අම්මා  මුණ ගැසේවිද ?

වසන්ත මුදලිගේට අම්මා මුණ ගැසේවිද ?

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නීතිඥ නුවන් බෝපගේ තංගල්ල බන්ධනාගාරයේදී නීතිඥ නුවන් බෝපගේ මුණ ගැසී තිබෙනවා. මීට ටික දිනකට ඔහුගේ මව පවසා සිටියේ තමන් වසන්ත පුතාට බොහෝ කලකින් කථා නොකොට ඇති බවයි. පුතාට කතා කිරීමට ජංගම දුරකතනයක් වත් නැති බව කියා සිටියාය. ප්‍රදේශවාසීන් කියා සිටියේ වසන්ත රැඳවුම් නියෝග පිට රඳවාගෙන සිටින බව දැනගත් විට ඇය දැඩි ලෙස වේදනාවට පත් වූ බවයි ‘මගේ පුතා අහිංසකයෙක් එයාට කරදර කරන්න එපා යැයි ඇය පැවසුවාය.

රැඳවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ ඇතුළු අනෙක් ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා තංගල්ල බන්ධනාගාරයේ දී ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මුණ ගැසීමට නීතිඥවරුන්ට සහ ඥාතීන්ට අවස්ථාව ලැබී ඇත. සතියේ දින පහ තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලයේ එක් දිනයකදී මුනගැසීමට අවස්ථාව ලබදී ඇත.

අද දින නීතිඥ නුවන් බෝපගේ ඔවුන් මුණ ගැසී බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන විට වසන්ත මුදලිගේ වීඩියෝවක් ලබාගත හැකිවී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු තිදෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 03 ක් ගොනු කරන බව නීතිඥ නුවන් බෝපගේ මහතා පැවැසීය.

Related Articles