ත්‍රස්ත පනත භාවිතා කිරීම අනතුරක් – නීතිඥ සංගමය….

ත්‍රස්ත පනත භාවිතා කිරීම අනතුරක් – නීතිඥ සංගමය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී ඇති අයිතීන්ට අනුව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමේ බලපතල අනතුරක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි මෙම ඉල්ලීම කොට ඇත.

උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳි තම විරෝධය පල කොට ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නැති බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ජනතා විරෝධය මර්දනය කිරීම සැප්තැම්බර් මස පැවැත්වෙන පනස් එක්වෙනි වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප්‍රධාන කරුණක් සේ ඉස්මතු කරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසන්නේ.

ත්‍රස්ත පනතට ලිහිල් කොන්දේසි…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්‍ෂණ පනත නමින් නව පනතක් ගෙනඒමට රජය කටයුතු කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 සිට ක්‍රියාත්මක පනතක් බවත්, එහි ඇති ඇතැම් කොන්දේසි වෙනුවට ලිහිල් කොන්දේසි ඇතිකර ජාතික ආරක්‍ෂණ පනත යනුවෙන් නව සංශෝධන ඇතුළත් පනතක් සකසා ඇති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

Related Articles