රනිල් දින අනූවේ අභියෝගය බාර ගනී…..

රනිල් දින අනූවේ අභියෝගය බාර ගනී…..

වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් රඳවා තබා ගැනීමේ නියෝගවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස අත්සන් තබා ඇත.

අත්අඩංගුවට පත් ශිෂ්‍ය ක්‍රියාධරයින් කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බැවින් විරෝධතාකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා නොගන්නා ලෙසට සිව් දිගින් විරෝධය නැගෙද්දී රනිල් රාණි වික්‍රමසිංහ මෙම රැඳවුම් නියෝගවලට අත්සන් තබා ඇත.

කුරිරු ත්‍රස්ත විරෝධී නීතිය…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ශිෂ්‍ය ක්‍රියාධාරීන් රඳවාගෙන සිටින බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියා අධ්‍යක්ෂ යමිනි මිෂ්රා පැවසුවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මේ අවස්ථාවේදී අදාළ නොවන බවයි.

“විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා කුරිරු ත්‍රස්ත විරෝධී නීතියක් භාවිතා කිරීම ශ්‍රී ලංකා රජය තවදුරටත් පහත වැටෙන ලකුණු පෙන්නුම් කරයි “යැයි යමිනි මිෂ්රා පැවසුවාය.

ත්‍රස්ත විරෝධී නීතිය යටතේ රඳවා තබා ගැනීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට, විශේෂයෙන් ප්‍රකාශනයේ නිදහසට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිවාසිකම්වලට පටහැනි බවයි යමිනි මිෂ්රා පෙන්වා දෙන්නේ.

අඳුරු දවසක්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ වාර්තාකරු මේරි ලෝලර් ඉරිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ ඔවුන් රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙසත් එසේ කළහොත් එය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ අඳුරු දිනයක් වනු ඇති බවත්ය. විරෝධතාවයේ නිරත ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් ශක්තිමත් පාලකයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරන බවත් ඔහු භාවිතා කරන උපක්‍රම පිළිගත නොහැකි අතරම ඒවා යල් පැන ගිය ඒවා බවත්ය.

ශ්‍රී ලංකාවට ගැටලු….

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බැවින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසීය.

පරස්පරය…

මෙය වික්‍රමසිංහට ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී අවස්ථාවක් වූ බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. රැඳවුම් නියෝග අත්සන් කිරීම නිසැකවම විරෝධතාකරුවන් කෙරෙහි දැඩි පියවර ගන්නා බවට නිකුත් කෙරුන සංඥාවක් වන අතර මෙම නියෝග අත්සන් නොකළේ නම් විරෝධතාවයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින අයගේ බලාපොරොත්තු සුන්වීමට ඉඩ තිබුණි. මෙම කඳවුරු දෙකම එකවර තෘප්තිමත් කිරීමට වික්‍රමසිංහට නොහැකි වීමමේ පිලිබදව මහ පොළවේ යථාර්ථය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Related Articles