ශ්‍රී ලංකාවටත්  ආහාර මිල වැඩි  රටවල් හතරක්…..

ශ්‍රී ලංකාවටත් ආහාර මිල වැඩි රටවල් හතරක්…..

ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර මිලක් ඇති රටවල් හතරක් ලෝකයේ තිබේ.

ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය යන රටවල ආහාර මිල ගණන් ශ්‍රී ලංකාවටත් වඩා වැඩිය. මේ පුවත ඇසු මාධ්‍ය වේදියෙක් පැවසුවේ ‘හෙණ ගහපන් ගණන් බලාපිය ‘ යනුවෙනි මන්දයත් මේ වන විට ශ්‍රී ලංකාවේ ව ආහාර මිල උද්ධමනය සියයට 80 දක්වා වැඩිවී ඇත.

ශ්‍රීලංකාව ඉහළම ආහාර මිල උද්ධමනය ඇති රටවල් 10 අතර 5 වැනි ස්ථානයට පත්ව ඇත. මෙම දත්ත ලෝක බැංකුව විසින් පර්යේෂණය කර ඇත. ශ්‍රී ලංකාවට පිටුපසින් සිටින රටවල් වන්නේ ඉරානය, ආර්ජන්ටිනාව, සුරිනාමය, ඉතියෝපියාව සහ මෝල්ඩෝවා ය.
යුක්රේනයේ යුද්ධය, සැපයුම් දාම කඩාකප්පල් කිරීම් සහ COVID-19 වසංගතයේ අඛණ්ඩ ආර්ථික බිඳවැටීම වසර ගණනාවක සංවර්ධන ජයග්‍රහණ ආපසු හැරවීම හේතුවෙන් සහ බොහෝ රටවල ආහාර මිල ගණන් අධික ලෙස ඉහල ගොස් ඇති බවයි ලෝක බැංකුව පවසන්නේ.

Related Articles